Sunday, April 13, 2014

SMS

මොනවද අම්මේ අකුරු ජාතියක්....
අයියගේ phone එකේ ලියලා...
කවුරුද අම්මේ මේවා ලියන්නේ...
ආදර මගේ පැටියෝ කියලා...

පුතා දන්නේ නෑ යෞවන කාලෙට...
කෙල්ලෝ කොල්ලෝ හරි වැඩ කරති...
හමුවෙන අය පෙම් කතා කියද්දී...
බැරි අය sms කරති...

මේ වගේ ලස්සන message අපිට නෑ...
කොහෙන්ද ඒවා send වෙන්නේ...
කොහොමද අම්මේ මේවා එවන්නේ...
මට නැහැ මොකවත් තේරෙන්නේ...

ඉර පායනකොට ඉර බැස යනකොට...
වැඩිපුර sms එන්නේ...
අයියගේ phone එක silent හින්දා...
ඒවා කෙරෙන්නේ හොර රහසේ...

අයියගේ phone එක vibrate වෙනකොට...
දඩ බඩ ගා ඇයි දුවයන්නේ...
මල් කඩනවා ඇති පච හලනවා ඇති...
නිතරම ඕකයි සිදුවෙන්නේ....

ඔව් මගේ සූකිරි පුංචි පුතේ ඔව්...
ඕකා ඔහොම්මමයි හැදෙන්නේ නෑ....
එක එක තාලෙට කියන කියන පච...
මල් කඩද්දි අඩුවෙන්නෙත් නෑ...

එහෙ බැලුවත් මල් මෙහෙ බැලුවත් මල්....
ලස්සන කෙල්ලන් හිනැහෙනවා...
අයියට විතරයි මට ඇයි නැත්තේ...
මමත් අදම FB යනවා...

කෙල්ලන් කොල්ලන් online එනකොට....
කවදත් ඔහොමයි පුතුනි මගේ...
අම්මල නිතරම සෙව්වත් ඒ ගැන...
කෙල්ලන් කොල්ලන් අහු නොවෙතේ...

අම්මේ මම දැන් fb යනකොට...
කෙල්ලෝ මගේ photo එක දැකලා...
දෙකතුන එකදිගටම add වෙද්දී...
අයියගේ කෙල්ලත් request කරලා....


(උපුටා ගැනීමකි)

0 ප්‍රතිචාර:

Post a Comment