Sunday, March 25, 2018

FRP Lock (Factory Reset Protection)

Android Operating  system හි විවිධ වූ දුර්වලතා වලට පිළියම් හොයාගෙන
ඒ වගේම නවීන ජංගම දුරකථන වලට සහය දකවන ලෙසින්
විවිධ වූ ඇන්ඩ්‍රොයිඩ් සංස්රණය ගූගල් සමාගම විසින් කලින් කලට නිකුත් කරනවා
*oreo
*nought
*mashmellow
* lolipop
* jellybean
* Kitkat
 වගේ විවිධ වූ නම් වලින් නිකුත් කරනවා.

     

ඇන්ඩ්‍රොයිඩ් වල තිබුන ලොකුම දුර්වලතාවය තමයි ජංගම දුරකතනය නැතිවුවහොත්  එහි
ආරක්ෂිත බව අඩු වීම ..
උදාහරණයකට මට පුළුවන් ඔයාලා මොන ක්‍රමයට ෆෝන් එක ලොක් කරලා තිබුනත්
මට ඒ ලොක් එක ඉවත් කරලා ඔයාලාගේ මැසේජ් , ෆොටෝ...වීඩියෝ..චැට් එව්වා , මෙව්වා , ඔක්කොම සට සට ගාලා බලන්න ..

ඒ වගේම අනුන්ගේ  නැතිවුන ජංගම දුරකතයක් ලැබුනොත් පුලුවන්
කී දෙක තුනක් ඔබලා දාලා තියෙන පාස්වර්ඩ් / Pattern  ඉවත් කරලා ෆෝන් එක මගේ වගේ භාවිත කරන්න පුලුවන්කම තිබුනා .....

මෙන්න මේ කියන bug එකට පිළියමක් ලෙසින් තමයි ඇන්ඩ්‍රොයිඩ් අලුත් version එකේ ඒ කියන්නේ
ලොලිපොප් වල FRP කියන අලුත් දේ එකතු කරලා තියෙන්නේ
FRP කියලා කියන්නේ Factory Reset Protection 

මේ ආරක්ෂාව ලැබිලා තියෙන්නේ Android OS 5.1( Lolipop 🍭 ) එකෙන් ඉහල ධාවනය වෙන
ජංගම දුරකථන සදහා පමනයි.


දැන්  අපි  හිතමු  ඔයාගේ  Phone එක නැති  උනා කියලා...
එතකොට  කාටහරි  හම්බෙලා සට  ගාලා Pattren/Password එක  කඩන්න    ඒ phone එක  reset  කරනවා....ඒත්  එහෙම  කරාට නව Lolipop සංස්කරණයෙන් පසුව  වැඩක් වෙන්නේ නැහැ .. reset  කරලා  ආයෙත්  Reboot  කරනකොට   දුරකතනයේ  හිමිකරු විසින්  ඇතුලත් කර ඇති  email එකයි  password  එකයි  ඉල්ලනවා.. එතකොට  නම් ගත්ත කෙනාට  Reset කරත් මොකුත්   කරගන්න  වෙන්නේ නම්  නෑ..

[හැබැයි  සුපිරියටම  phone  ගැන  දන්න  එකෙක් phone  එක  ගත්තොත්  sorry.com  තමා  FRP Lock  එක bypass  කරලා  lock  එක  කඩන්න  පුලුවන් (ඒක  වෙනම  කතාවක් )  ඒ  ගැන  පස්සේ  කියලා  දෙන්නම්...]

frp Lock එක අපට වැදගත් වෙන්නේ කොහොමද අපි දැන් බලමු


මේ ක්‍රියාවලිය  wifi ජාලයක් හරහා   සම්බන්ද  වෙලා  තමයි  කරන්න  වෙන්නේ..ඒ  සමගම  Google සමාගම   එයටම  ගැලපෙන  තවත්  පහසුකම්  රැසක් සපයලා  දුන්නා..

Phone එක හදිසියෙ නැතිඋනොත්..

*  Silent  දාලා  තිබුනොත් volume up  වෙලා Ringtone එකක් වාදනය  කරන්න  පුලුවන්

*  Data on උන ගමන් location එක බලාගන්න  පුලුවන්(අපි කලින්  ඇතුලත්  කලොත්  පමනක් /Allow Location )

*  Phone එක Remotly Format  කරලා  දාන්න  පුලුවන් memory Card  එකත්  එක්කම..

අපේ  ජංගම දුරකතනය  නැති උනොත්  ඕනෙම  වෙලාවක  මේ  දේ  අපිට Email  එකට log  වෙලා  කරන්න  පුලුවන්..

මේ  පහසුකම හුගක්ම ගැලපෙන්නේ Frp Protection තියෙන phone වල මොකද Reset  කරත් කලින්  Email එක  ඉල්ලන  නිසා..කලින් සංස්කරනයන් වල  මේ  දේ කරන්න     පුලුවන්  ඒත්   phone එක reset  කරොත්   email එක  ඇයින් වෙනවා.


  > ඒවගේම  මේ  දේත්  හුගක් වැදගත් <

මීට පස්සේ ෆෝන් එකට Gmail එකක්  Add  කරනකොට  ඒ මේල් එකේ රිකවරී දත්ත නිවැරදිව ඇතුල් කරලාද බලන්න  ඒවගේම  (Email/ Password )
මතක  තබාගන්න...
ඒ විස්තර කොහේ හෝ කාටවත් අහුවෙන්නේ නැති තැනක ලියලා සුරක්ෂිත කරලා තියාගන්න
ඒකත් ආරක්ෂිත නෑ කියලා හිතෙනවා නම්  කොහොමහරි  මතක තියාගන්න...බැරිවෙලා හරි  ඔයාගේ  අතින්ම Phone  එක  reset උනොත්  ඔයා  කලින්  ඇතුලත් කරපු email එකයි password එකයි  ඉල්ලනවා...

A/L වලට Maths කරන අයට වටිනා ඇප් එකක්.



සංයුක්ත ගණිතය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, සාමාන්‍ය තොරතුරු තාක්ෂණය (GIT), සාමාන්‍ය ඉංග්‍රීසි 

පසුගිය වසර 28ක උසස් පෙළ ප්‍රශ්න පත්‍ර, පසුගිය වසර 6ක උසස් පෙළ ලකුණු දීමේ පටිපාටි (Marking Schemes), පාසල් වාර විභාග ප්‍රශ්න පත්‍ර, අනුමාන ප්‍රශ්න පත්‍ර, ස්ව අධ්‍යනය වීඩියෝ, කෙටි සටහන් සමගින් උසස් පෙළ ගණිත/විද්‍යාව සම්පූර්ණයෙන්ම ආවරණය කර ඇති aඇන්ඩොයිඩ් ඇප් එකක් තමයි මේ Maths Api ඇප් එක.

මෙහි කිසිදු දැන්වීමක් දර්ශනය වන්නේ නැති නිසා බාවිතා කරන අයට ගොඩාක් පහසුයි. උසස් පෙළ ගණිත/විද්‍යා ක්ෂේත්‍රයේ නවතම පුවත්, අධ්‍යාපනික ලිපි, උසස් පෙලින් පසු ගණිත අංශයෙන් උසස් අධ්‍යාපනය සදහා පිවිසෙන්නන් සදහා විශ්ව විද්‍යාල වල පවත්වනු ලබන අභියෝගතා පරීක්ෂණ(Aptitude Test) ප්‍රශ්න පත්‍ර,ගණිත අංශයෙන් උසස් පෙළ අවසන් කර විශ්ව විද්‍යාල වරම් අහිමි වූවන් සදහා රාජ්‍ය අධ්‍යාපන ආයතන (NDT, TTI, HNDE)මගින් ලබා දෙනු ලබන ඩිප්ලෝමා පාඨමාලා පිළිබද විස්තර සහ ඒවාට ඇතුලත් කරගැනීමේදී පවත්වනු ලබන අභියෝගතා පරීක්ෂණ වල ප්‍රශ්න පත්‍ර ආදී වශයෙන් උසස් පෙළ ගණිතය, විද්‍යාව හදාරන ඔබට මෙය මිල කල නොහැකි ජංගම දුරකථන යෙදුමක්.




මෙතනින් පිවිස ඇප් එක බාගන්න.

Friday, July 14, 2017

Windows phone එකට android දාමු.





මීට මාස කීපයකට පෙර developer කෙනෙක්ට පුළුවන් වුනා originally Windows Phone 8 තියෙන Nokia Lumia 525 දුරකතනයකට සාර්ථකව Android 6.0 Marshmallow මෙහෙයුම් පද්ධතියක් install කරන්න. දැන් අළුත්ම ආරංචි වලට අනුව තවත් developer කෙනෙක් සමත් වෙලා තියෙනවා Android 7.1 Nougat මෙහෙයුම් පද්ධතිය සාර්ථකව Nokia Lumia 525 සහ Nokia Lumia 520 තුල run කරන්න. මෙහි විශේශත්වය තමයි මෙම devices 2 න් එකක්වත් Windows 10 Mobile වලට officially upgrade කරන්නට නොහැකිව පැවතුනු එක. Nguyen Thinh, ඔහුගේ මෙම උත්සාහය පිළිබඳව XDA Developers forums වල අදහස් පළ කරළා තියෙනවා. ඔහු කියන විදිහට නම් දුරකතනයේ touchscreen එක, brightness levels, battery, charging ඇතුළු හැම feature එකක්ම වගේ Nougat ROM එකත් සමඟ හොඳින්ම ක්‍රියා කරනවා.




මෙම install කිරීමේ ක්‍රියාවලියේ තරමක අපැහැදිලි තැන් පැවතුනත් Nokia Lumia 520 තුළ Android Nougat ක්‍රියාත්මක වෙන ආකාරය පහත විඩියෝවෙන් ඔබට බලාගන්න පුළුවන්.




ඒ වගේම තමයි පහත දැක්වෙන විඩියෝවෙන් Android 7.1, Lumia 525 මත ධාවනය වෙන ආකාරයත් ඔබට බලාගන්න පුළුවන්.Nokia Lumia 520 සහ Lumia 525 බොහෝ දුරට සමාන වුනත් Lumia 520 හි මෙන් දෙගුණයක RAM capacity එකක් Lumia 525 හි තිබෙනවා.





අළුත්ම Android releases තරමක් පැරණි Windows Phone වල හොදින් run වන ආකාරය බලද්දි, අළුත්ම Microsoft Lumia 950 හි Nougat ROM එක කොයි විදිහට run වේද කියන එක ගැන තමයි දැන් හැමෝම කුතුහලයෙන් පසුවෙන්නෙ.

source:http://windowsgeek.lk



ඔයාගේ COMPUTER එක ලේසියෙන්ම WIFI HOTSPOT එකක් කරමු.

Computer එකට මොකටද Wifi Hotspot එකක් කියලා ඔයාලා හිතනවා ඇති එත් මේ පොඩි Software එක ගොඩක් වටින්නේ Phone එකට මොනවහරි File එකක් ඉක්මනින් Share කරගන්න ඔනි වෙලාවට සහ computer එකෙ Internet Connection එක phone එකට ගන්න ඔනි වෙලාවට තමයි.


මොන Software එක දාලා තිබුනත් වැඩක් නෑ Wifi Card, Adapter එකක් අනිවා ඔයාගේ Computer එකේ තියෙන්න ඔනි. Software එක ගැන නම් වැඩිපුර කියන්න දෙයක් නෑ.Install කරලා කැමති නමකුයි Password එකකුයි දිලා ඔයාගේ Internet Connection එක තොරලා Start hotspot Button එක Click කරන්න තමයි තියෙන්නේ. ඒ වගේම Managment Tab එක Click කරාම ඔයාට පුලුවන් WiFi Network එක හරහා Bittorrent, IDM වගේ Software බාවිතා කිරිම නවත්තන්න. Show-URL Logging වලින් Wifi Network එක හරහා කට්ටිය Surf කරපු වෙබ් අඩවි බලාගන්නත් පුලුවන්.

Software එක ගැන නම් වැඩිපුර කියන්න දෙයක් නෑ.Install කරලා කැමති නමකුයි Password එකකුයි දිලා ඔයාගේ Internet Connection එක තොරලා Start hotspot Button එක Click කරන්න තමයි තියෙන්නේ. ඒ වගේම Managment Tab එක Click කරාම ඔයාට පුලුවන් WiFi Network එක හරහා Bittorrent, IDM වගේ Software බාවිතා කිරිම නවත්තන්න. Show-URL Logging වලින් Wifi Network එක හරහා කට්ටිය Surf කරපු වෙබ් අඩවි බලාගන්නත් පුලුවන්


DOWNLOAD

Dialog වලට Free Data / Free Reload / Free SMS ලබා ගන්න

මේකට ගිහින් කරන්න තියෙන්නේ බොහොම පොඩි දේවල්. Facebook Like කරන, Youtube Videos බලන වගේ බොහොම සුළු දේවල්. හැබැයි එකට ඔයාට නොමිලේ Reload, SMS, DATA  ලබා ගන්න පුළුවන්.

කිසි දිනුම් ඇදීමක් නෑ. හැමෝටම ගන්න පුළුවන්. හැබැයි කාලෙන් කාලෙට නොමිලේ දෙන දේවල් වෙනස් වෙනවා. රුපියල් 50ක් දක්වා reload දුන් අවස්ථාත් තියනවා.






 මුලින්ම පල්ලෙහා link එකේ තියන site එකට යන්න. ඊට පස්සේ ඔබේ ඩයලොග් දුරකථන අංකය දීලා Log වෙන්න. එතකොට Phone එකට SMS  එකක් එයි. ඒක Yes  කරාම auto website එකට log වෙනවා.


දැන් එකේ තියන පොඩි පොඩි දේවල් කියවලා බලලා කරන්න. එතකොට එකේ තියන Free SMS/ Data / Reload එවෙලේම ලැබෙනවා