icon
Leave a message

Sunday, March 25, 2018

FRP Lock (Factory Reset Protection)

Android Operating  system හි විවිධ වූ දුර්වලතා වලට පිළියම් හොයාගෙන
ඒ වගේම නවීන ජංගම දුරකථන වලට සහය දකවන ලෙසින්
විවිධ වූ ඇන්ඩ්‍රොයිඩ් සංස්රණය ගූගල් සමාගම විසින් කලින් කලට නිකුත් කරනවා
*oreo
*nought
*mashmellow
* lolipop
* jellybean
* Kitkat
 වගේ විවිධ වූ නම් වලින් නිකුත් කරනවා.

     

ඇන්ඩ්‍රොයිඩ් වල තිබුන ලොකුම දුර්වලතාවය තමයි ජංගම දුරකතනය නැතිවුවහොත්  එහි
ආරක්ෂිත බව අඩු වීම ..
උදාහරණයකට මට පුළුවන් ඔයාලා මොන ක්‍රමයට ෆෝන් එක ලොක් කරලා තිබුනත්
මට ඒ ලොක් එක ඉවත් කරලා ඔයාලාගේ මැසේජ් , ෆොටෝ...වීඩියෝ..චැට් එව්වා , මෙව්වා , ඔක්කොම සට සට ගාලා බලන්න ..

ඒ වගේම අනුන්ගේ  නැතිවුන ජංගම දුරකතයක් ලැබුනොත් පුලුවන්
කී දෙක තුනක් ඔබලා දාලා තියෙන පාස්වර්ඩ් / Pattern  ඉවත් කරලා ෆෝන් එක මගේ වගේ භාවිත කරන්න පුලුවන්කම තිබුනා .....

මෙන්න මේ කියන bug එකට පිළියමක් ලෙසින් තමයි ඇන්ඩ්‍රොයිඩ් අලුත් version එකේ ඒ කියන්නේ
ලොලිපොප් වල FRP කියන අලුත් දේ එකතු කරලා තියෙන්නේ
FRP කියලා කියන්නේ Factory Reset Protection 

මේ ආරක්ෂාව ලැබිලා තියෙන්නේ Android OS 5.1( Lolipop 🍭 ) එකෙන් ඉහල ධාවනය වෙන
ජංගම දුරකථන සදහා පමනයි.


දැන්  අපි  හිතමු  ඔයාගේ  Phone එක නැති  උනා කියලා...
එතකොට  කාටහරි  හම්බෙලා සට  ගාලා Pattren/Password එක  කඩන්න    ඒ phone එක  reset  කරනවා....ඒත්  එහෙම  කරාට නව Lolipop සංස්කරණයෙන් පසුව  වැඩක් වෙන්නේ නැහැ .. reset  කරලා  ආයෙත්  Reboot  කරනකොට   දුරකතනයේ  හිමිකරු විසින්  ඇතුලත් කර ඇති  email එකයි  password  එකයි  ඉල්ලනවා.. එතකොට  නම් ගත්ත කෙනාට  Reset කරත් මොකුත්   කරගන්න  වෙන්නේ නම්  නෑ..

[හැබැයි  සුපිරියටම  phone  ගැන  දන්න  එකෙක් phone  එක  ගත්තොත්  sorry.com  තමා  FRP Lock  එක bypass  කරලා  lock  එක  කඩන්න  පුලුවන් (ඒක  වෙනම  කතාවක් )  ඒ  ගැන  පස්සේ  කියලා  දෙන්නම්...]

frp Lock එක අපට වැදගත් වෙන්නේ කොහොමද අපි දැන් බලමු


මේ ක්‍රියාවලිය  wifi ජාලයක් හරහා   සම්බන්ද  වෙලා  තමයි  කරන්න  වෙන්නේ..ඒ  සමගම  Google සමාගම   එයටම  ගැලපෙන  තවත්  පහසුකම්  රැසක් සපයලා  දුන්නා..

Phone එක හදිසියෙ නැතිඋනොත්..

*  Silent  දාලා  තිබුනොත් volume up  වෙලා Ringtone එකක් වාදනය  කරන්න  පුලුවන්

*  Data on උන ගමන් location එක බලාගන්න  පුලුවන්(අපි කලින්  ඇතුලත්  කලොත්  පමනක් /Allow Location )

*  Phone එක Remotly Format  කරලා  දාන්න  පුලුවන් memory Card  එකත්  එක්කම..

අපේ  ජංගම දුරකතනය  නැති උනොත්  ඕනෙම  වෙලාවක  මේ  දේ  අපිට Email  එකට log  වෙලා  කරන්න  පුලුවන්..

මේ  පහසුකම හුගක්ම ගැලපෙන්නේ Frp Protection තියෙන phone වල මොකද Reset  කරත් කලින්  Email එක  ඉල්ලන  නිසා..කලින් සංස්කරනයන් වල  මේ  දේ කරන්න     පුලුවන්  ඒත්   phone එක reset  කරොත්   email එක  ඇයින් වෙනවා.


  > ඒවගේම  මේ  දේත්  හුගක් වැදගත් <

මීට පස්සේ ෆෝන් එකට Gmail එකක්  Add  කරනකොට  ඒ මේල් එකේ රිකවරී දත්ත නිවැරදිව ඇතුල් කරලාද බලන්න  ඒවගේම  (Email/ Password )
මතක  තබාගන්න...
ඒ විස්තර කොහේ හෝ කාටවත් අහුවෙන්නේ නැති තැනක ලියලා සුරක්ෂිත කරලා තියාගන්න
ඒකත් ආරක්ෂිත නෑ කියලා හිතෙනවා නම්  කොහොමහරි  මතක තියාගන්න...බැරිවෙලා හරි  ඔයාගේ  අතින්ම Phone  එක  reset උනොත්  ඔයා  කලින්  ඇතුලත් කරපු email එකයි password එකයි  ඉල්ලනවා...

Related Posts:

  • FRP Lock (Factory Reset Protection) Android Operating  system හි විවිධ වූ දුර්වලතා වලට පිළියම් හොයාගෙන ඒ වගේම නවීන ජංගම දුරකථන වලට සහය දකවන ලෙසින් විවිධ වූ ඇන්ඩ්‍රොයිඩ් සංස්රණය ගූගල් සමාගම විසින් කලින් කලට නිකුත් කරනවා *oreo *nought *mashmellow * lolipop… Read More
  • නොමිලේ website traffic ගන්න ගමන් සල්ලි හොයමු  අද මං ඔයාලාට කියන්න යන්නේ නොමිලේ website traffic ගන්න පුලුවන් සයිට් එකක් ගැන කරන්න තියෙන්නේ මේකේ  රෙජිස්ටෙර් වෙලා auto surf wenna තියෙන එක. එතකොට හම්බෙන points වලින් අපිට website trafficවගේම සල්ලිත් ගන්න පුලු… Read More
  • Dialog වලට Free Data / Free Reload / Free SMS ලබා ගන්න මේකට ගිහින් කරන්න තියෙන්නේ බොහොම පොඩි දේවල්. Facebook Like කරන, Youtube Videos බලන වගේ බොහොම සුළු දේවල්. හැබැයි එකට ඔයාට නොමිලේ Reload, SMS, DATA  ලබා ගන්න පුළුවන්. කිසි දිනුම් ඇදීමක් නෑ. හැමෝටම ගන්න පුළුවන්. හැබැයි ක… Read More
  • A/L වලට Maths කරන අයට වටිනා ඇප් එකක්. සංයුක්ත ගණිතය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, සාමාන්‍ය තොරතුරු තාක්ෂණය (GIT), සාමාන්‍ය ඉංග්‍රීසි  පසුගිය වසර 28ක උසස් පෙළ ප්‍රශ්න පත්‍ර, පසුගිය වසර 6ක උසස් පෙළ ලකුණු දී… Read More
  • Pc නැතුව ඕන phone එකක් ROOT කරමු මේ වැඩේ කරනකොට ඔයාලගේ දුරකතනයට වගකීමක් අදාළ සමාගම විසින් ලබා දීලා තියේනම් ඒක අවලංගු වෙනවා (කිව්වට එහෙමත් නෑ).ඒ නිසා වඩාත් සුදුසුයි වගකීම් කාල සීම පැනපු කට්ටිය විතරක් මේක කරනවනම්.ඒත් ඔයගොල්ලෝ දැනටමත් දන්නවා ඇතිනේ අපි දැන් … Read More

0 ප්‍රතිචාර:

Post a Comment