Saturday, December 24, 2016

WinX DVD Ripper - Christmas Giveaway offer

සමාන්‍යයෙන් ඔරිජිනල් වීඩියෝපට ඇතුලත් DVD තැටි සඳහා write කරන්නේ සාමාන්‍ය පරිදි පරිගණකයට පිටපත් කිරීමට නොහැකි



ලෙසයි. මෙම WinX DVD Ripper මෘදුකාංගය සමාන්‍යයෙන් රු.8,500 ක් වගේ වෙනවා. නමුත් මේ නත්තල් මාසයේ මෙය නොමිලේ ලබාදීමට විශේෂ Giveaway වැඩසටහනක් ක්‍රියාත්මකයි. මෙම මෘදුකාංගයෙන් කරන්න පුළුවන් දේවල් මෙතනින් නිල වෙබ් පිටුවට පිවිස බලන්න.
  • වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සහිත පරිගණක සඳහා මෘදුකාංගය මෙතනින් බාගන්න.
  • මැක් මෙහෙයුම් පද්ධතිය හිමි පරිගණක වලට මෙතනින් බාගන්න.

මෘදුකාංගයේ ස්ක්‍රීන්ශොට්
File size : 36 Mb windows / 37.4 Mb Mac 

Google translate introduced Sinhala Listen

ගූගල් "සිංහල භාෂාව " කතා කරන්න පටන්ගනී.

ලෝකයේ රටවල් 195 ක් අතුරින් සිංහල භාෂාව කතා කරන සහ බාවිතා කරන එකම රට වන්නේ අපේ මේ ශ්‍රී ලංකාවයි. අපිට ආඩම්බර විය හැකි පුවතක් තමයි

මේ අපේ සිංහල භාෂාව ගූගල් තුලට එක්කර තිබීම. මෙය ගූගල් ට්‍රාන්ස්ලේට් වෙතගොස් සිංහල යුනිකෝඩ් ෆොන්ට් එකෙන් වචන කිහිපයක් dialog box එකෙහි ටයිප් කිරීමෙන් එහි පහල සවුන්ඩ් අයිකන් එක click කරලා සිංහල කතා කරනවා සවන්දෙන්න පුළුවන්. ඇත්තටම මෙය ඉතාමත් අපූරු වැඩක්. අපට අකුරු 5000ක වාක්‍ය කණ්ඩ කියවන්න පුලුවන්. ඉගෙනීම් කටයුතු සිදුකරන අයටද මෙය බොහෝ සෙයින් උපකාරී වෙනවා.

බලන්න ස්ක්‍රීන්ශොට් එකක්.




 මෙතනින් පිවිස ඔබට මෙය අත්හදා බලන්න පුළුවන්.

Kanchayudha Game bug fix + free download

කංඡායුධ ගේම් එකේ අාපු ගැටළු සහ විසඳුම්.

සාමන්‍යයෙන් ඕනම ගේම් එකක් play කරන කොට දෝ (bug) එනවා. එ්ක සාමන්‍යය දෙයක්. මෙම දෝෂ පරිගණකයෙන් පරිගණකයට වෙනස්. මේ වෙනකොට

ගොඩදෙනෙක්ට අාපු දෝෂ විසඳගන්න විදිය පහතින් බලාගන්න පුළුවන්. එ් වගේම පහත නැති වෙනත් දෝශ (bug) අාවොත් මෙතනින් පිවිස ඔවුන්ගේ කංඡායුධ ෆොස්බුක් පිටුව වෙත මැසේඡ් එකක් හරහා එ් බව දැනුම් දෙන්න. මේ වෙනකොට ගොඩක් අයට අාපු දෝශ හදාගන්න (fix) විදිය පහතින් බලාගන්න පුළුවන්. 




1) කොහොමද full screen ගන්නේ ?

ගේම් එක ඇතුලට ගිහිල්ල Alt + Enter ඔබන්න.

2) api-ms-win-crt-runtime-l1-1-0.dll ?

මේක හුඟ දෙනෙක්ට ආපු ප්‍රශ්ණයක්. මේකට ප්‍රධාන හේතුව තමයි, වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය යාවත්කාලීන නොවීම. KB2999226 කියන මේ අප්ඩේට් එක අවශ්‍ය වෙනවා ගේම් එන්ජින් එක ධාවනය වීමට. ඒකට පහත තියන දේවල් උත්සාහ කරලා බලන්න.

Install Windows Updates:

  • Go to Start - Control Panel - Windows Update
  • Check for updates Install all available updates.
  • After the updates are installed, restart your computer.
  • After the restart repeat the steps above again until no more updates are available.
  • Download the Visual C++ Redistributable:
  • For Windows 64-bit Visual C++ Redistributable forVisual Studio 2017 (64-bit)
  • For Windows 32-bit Visual C++ Redistributable forVisual Studio 2017 (32-bit)
  • Run the vc_redist.x64.exe (64-bit) or vc_redist.x86.exe (32-bit) and select Uninstall
  • Run the .exe again and select Install
  • (Optional) Install latest graphic card drivers and directX (ref : https://support.microsoft.com/en-us.
3) ගේම් එක ගොඩක් ලැග් වෙනවා, කැඩි කැඩි ගමන් කරනවා.

මේ ප්‍රශ්ණය ඇති වෙන්නෙ ඔබගේ පරිගණකය මතයි. නමුත්, සාමාන්‍ය පරිගණකයක කංඡායුධ ක්‍රීඩා කිරිමට පහත ආකාරයට settings හදාගන්න.

  • Resolution -> Medium or less
  • Shadow -> Low
  • Foliage -> High
  • Other settings -> Medium or below
මීට අමතරව ගේම් එකසම්බන්ධ වෙනත් ගැටළු වේනම් පහතින් පලකරන්න.

 නොමිලේ ඩවුන්ලෝඩ් කිරීමට කංඡායුධ නිල වෙබ් පිටුව වෙත මෙතනින් පිවිසෙන්න


(aluth.com)



Wednesday, May 4, 2016

නොමිලේ website traffic ගන්න ගමන් සල්ලි හොයමු


 අද මං ඔයාලාට කියන්න යන්නේ නොමිලේ website traffic ගන්න පුලුවන් සයිට් එකක් ගැන


කරන්න තියෙන්නේ මේකේ  රෙජිස්ටෙර් වෙලා auto surf wenna තියෙන එක.

එතකොට හම්බෙන points වලින් අපිට website trafficවගේම සල්ලිත් ගන්න පුලුවන්

minium caseout එක $0.0







 රෙජිස්ටෙර් වෙලා බලන්න link

Thursday, April 21, 2016

ඇපල් පෝන් එකකින් ඇන්ඩොයිඩ් පෝන් එකකට ෆයිල් ශෙයාර් කරන්න කැමති නම් මෙන්න (How To Send And Receive Files From iPhone to Android #WithoutJailbreak)

අයිපෝන් එකක් භාවිතා කරන හැමෝටම තියෙන ප්‍රශ්ණයක් තමයි බ්ලූටූත් වැඩ කරන්නෙ ඇපල් පෝන් එකකින් ඇපල් පෝන් එකකට විතරක් වීම.මේ සංසිද්ධිය නිසා තමන්ගෙ යාලුවන් අතරත් බොහෝ වෙලාවට උසුලු විසුලුවටත් ලක්වෙන්න වෙලා ඇති.

ඇපල් පෝන් එකකින් වෙනත් ඇන්ඩ්‍රොයිඩ් වැනි ප්ලැට්ෆෝම් එකකට ෆයිල් එකක් ශෙයාර් කරගන්න ඕන නම් අපිට අපේ ඇපල් ඩිවයිස් එක #ජේල්බ්‍රේක් කරගන්න සිදුවෙනවා.නැතිනම් වෙනත් අන්තර්ජාලය හරහා භාවිතා වෙන ක්‍රමයක් භාවිතා කිරීමට සිදුවෙනවා.ඇත්තටම කිව්වොත් ඉතින් මේක මල කරදරයක්නෙ අෆ්ෆා -_- ඉතින් අද මම අද ඔයාලට ගෙනාපු ජින්ජිබිරිස් එකෙන් පුලුවන් මේ කිසිම වැඩක් නොකර කිසිම කරදරයකින් තොරව ෆයිල්ස් ඇන්ඩ්‍රොයිඩ් පෝන්ස් සමග වගේම වින්ඩෝස් තියෙන පරිගණක සමගත් කිසිම වයර් සබදතාවයක් රහිතව ශෙයාර් කරගන්න.අහන්නත් ආසයි නේ ;)

මේ දවස් වල හුගක් ඇන්ඩ්‍රොයිඩ් පාරිභෝගිකයන් අතර ජනප්‍රිය ඇප්ස් එකක් තමයි #SuperBeem කියන්නෙ.නමුත් අපිට මේ ඇප් එක භාවිතා කරලා Files ශෙයාර් කරන්න පුලුවන් Android To Android විතරයි.ඒත් මම ඔයාලට දෙන්න හදන්නෙ මේ iOS To Android හෝ Android To iOS ෆයිල්ස් ශෙයාර් කරගන්න පුලුවන් ජින්ජිබිරිස් එකක්.මේකෙ නම තමයි #SHAREit.මේකත් හුගක් SuperBeem වලට සමානයි.මේ ඇප් එකේ තියෙන වාසිය තමයි ඉතාමත් වේගවත් ආකාරයෙන් ෆයිල්ස් ශෙයාර් කරගැනීමට ඇති හැකියාව.සාමාන්‍ය වේගය තත්පරයට 40Mbps වගෙ ගන්නවා.

හර් අපි බලමු මෙක කරන්නෙ කොහොමද කියලා ;) ෆයිල්ස් ශෙයාර් කිරීමට අපිට මේ ඇප් එක මුලින්ම ඩිවයිසස් දෙකේම ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගෙන තියෙන්න ඕනි.පහල දාලා තියෙන ලින්ක් එකට ගිහින් හෝ #AppStore එකේ #SHAREit යන්න යොදා සර්ච් එකක් කර ලැබෙන පලවෙනි රිසාල්ට් එකේ ඇති ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න.එමෙන්ම ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් එකෙ #PlayStore එකේ #SHAREit යන්න යොදා සර්ච් එකක් කර ලැබෙන පලවෙනි රිසාල්ට් එකේ ඇති ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න.

For Apple Devices(iPhone,iPad,iPod)

SHAREit(ඇපල් ඩිවයිස් එකට)



For Android Devices(Any android Device)

SHAREit(ඕනෑම ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් එකකට)



ඩවුන්ලෝඩ් කරගැනීමෙන් අනතුරුව අයිපෝනයේ සහ ඇන්ඩ්‍රොයිඩ් දුරකතන දෙකේම ඩවුන්ලෝඩ් කරගත් SHAREit App ඕපන් කරගන්න.ඕපන් කරගැනීමෙන් අනතුරුව ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයෙ #Recieve යන්න ඔබන්න.එතන පහතින් ඈති iOS යන්න හෝ Can't Find Friend ඔබා එතනින් iOS යන්න තෝරන්න

දැන් ඇපල් ඩිවයිස් එකේ සෙටින්ස් වලට ගොස් එහි WiFi ගොස් අලුතින් අහුවෙන වයිෆයි නෙට්වර්ක් එකට කනෙක්ට් කරන්න.දැන් iPhone එකේ SHAREit App එක ඕපන් කරගන්න.එහි Send යන්න තෝරා ඔබට යැවීමට අවශ්‍ය ෆයිල්ස් ටික තෝරන්න.

ඉන්පසුව OK යන්න තෝරන්න.ඉන්පසුව ඔබගෙ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයේ නම දැක ගැනීමට හැකි තිරයක් දකින්න පුලුවන්.එම ඔබේ නමට අදාල අයිකනය තෝරන්න.දැන් ඔබ කලින් තෝරන ලද ෆයිල්ස් එම ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයට Send වෙනු ඇත.කොහොමද ස්පීඩ් එක නේ ;) :D

ඔබගේ iPhone එකට ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිස් එකකින් ෆයිල්ස් එවීමට අවශ්‍ය නම් ප්‍රථමයෙන් ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයේ SHAREit App එක ඕපන් කර එහි Send යන්න මත ඔබන්න.දැන් ඔබට අවශ්‍ය ෆයිල්ස් තෝරා Ok යන්න තෝරන්න.දැන් එහි යටින් Not Android හෝ Can't Find Your Device යන්න මත ඔබාන්න දැන් iPhone එකේ Settings වල WiFi වලට ගොස් අලුතින් අහුවෙන WiFi Network එකට කනෙක්ට් වෙන්න.

දැන් ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයේ iPhoneයට අදාල නම සහිත අයිකනයක් මතුවන අතර එය තේරීම මගින් ෆයිල්ස් තත්පර කිහිපයකදී හුවමාරු කරගැනීමට හැක :D

ඔන්න මෙච්චර දවස් ඇපල් පෝන් සමග ෆයිල්ස් හුවමාරු කරගන්න තිබුනු අපහසුතාව මෙමගින් අපට විසදගන්න පුලුවන්.ඇත්ත වශයෙන්ම මෙම ඇප් එක මිල කල නොහැකි සුපිරි භාණ්ඩයක් කියලා භාවිතා කරන ඔබටත් තේරෙයි.ජේල්බ්‍රේක් කිරීමක් හෝ වෙනත් සෝකබරිත වැඩ කිසිවක් නොකර මේ ආකාරයෙන් ෆයිල්ස් එවීමට ඇති හැකියාව ඇත්ත වශයෙන්ම අපි අගය කර යුතුයි :D

 මෙය භාවිතා කිරීමේදි යම්කිසි අපහසුතාවක් හෝ යම්කිසි බාදකයකට මුහුන දීමට සිදු වූයේ නම් අපවෙත කමෙන්ට් එකක් මගින් දනවන්න.හැකි ඉක්මනින් පිලිතුරු දීමට හැකි සෑම අවස්ථාවකදීම අප උත්සහ කරනවා.ඉතින් මේ ඇප් එක භාවිතා කර ඔබගේ වැඩ පහසු කරගත්තා නම් ඒ ගැනත් අපට කමෙන්ට් එකක් මගින් කියන්න.ඔයාලගේ කමෙන්ට්ස් අපිට හුගක් වටිනවා ;) අපි ගියා මතක ඇතුව කමෙන්ට්ස් එකක් දාන්න.අපිත් එක්ක දිගටම ඉමු :D බයි කට්ටියටම